Posts

Showing posts from January, 2022

හීන පාට වු සරසවි සිහිනය

Image
           මිදුම් සිතිජ අතරින්                    බොද වි පෙනෙන්නා වු    අනාගතය නැමැති මහා වෘක්ෂය     ඉගෙනිමෙන් සවිමත් විය              හින මැවි සරසවියේ           හින අතර ඇවිදින්නට    සරසවියේ සොදුරු දසුන් නැරඹිමට                   යාමට අවසර නම් නැත වසංගතය නැමැති මහා වෘක්ෂය      සරසවි බිම හරස් කර බලා සිටි සබරගමුව සරසවියේ සොදුරු දසුන් නැරඹිමට       නොහැකි වු අප හට     ඔන්ලයින් ම පිහිටට විය   යහළු යෙහෙළියක් හදුන ගන්න    ජිවිතයේ හින මවම හින සොයා ඇවිදින තැන සබරගමුව සරසවියට පියමනින්න අවසර නැත.          අවසර දෙනු මැන අප හට සරසවියට පිය                      මනින්න. තාරු~~

රාත්‍රි වසන්තය

Image
      මනරම්ය  සුන්දර රාත්‍රිය    හද සාවි කවිකාර කම් පාවි      සිතල සුලන් හමා ගියාවි        රාත්‍රි වසන්තය උදා විය                 අන්දකාරය මනා චමත්කාරය                 අන්දකාරයෙන් නැගෙන සද  එලිය                                    විසිතුරුය                අදුරු පොලවට සද පහනකි                අදුරේ කුඩා පහන් එලි නැගි ගමන් කරයි                කාණා මැදිරි මිතුරෝ රාත්‍රිය එලිය කරයි සිතල සුලන් මැදින් රාත්‍රි විසිතුරු බලන කලය කුඩා මලක් පිපෙන්නට වෙර දරන අයුරු නෙත ගැටි සන්සුන්ව එදෙස බලා සිටි පිපුණු මල සුන්දරය සුවදවත් ය        රාත්‍රිය සුන්දරය ,මනරම්ය ,නිසොල්මන් ය            අරුණෝදය පැයු ප්‍රමුදිත උදැසනහි                     අරුමය රාත්‍රියම විය. තාරු~~                                                     

වෙසගේ අසිරිය

Image
     සිලි සිලි බෝපත් සැලේනා වෙසගේ    ගස් වැල් මල් ඵල හටගත් වෙසගේ    තෙමගුල සිහිවන පිංබර වෙසගේ     ගම හා නගරය එක හා හැඩ වේ   පහන් සිලු දැල් වේ සැම  තැන   පහන් කුඩු දිස් වේ සැම තැන  විදුලි බල්බ රශ්මිය පෙන්වන සිරිය ද   සද ද හැඩ වි දිදුලයි පෝයට   වෙසක් පෝය නම් සුන්දර දිනයට. තාරු~~

සාහිත්‍ය

Image
       සිංහල නම් විෂය තුල ගැබ් වු       සාහිත්‍ය නම් රසයක් මතු වු      උපමා රුපක බහුලව දිස් වු     සාහිත්‍ය විය ජිවිත වෙනස් කෙරු                 හදවතට දැනෙන්ට කියා පාන්නා වු             පැරණි මතකයන්  නව  ලොවට ගෙනා වු            රස දැහැන් මන පිනා යන්නා වු           කියා නිම කල නොහැකි ඒ සාහිත්‍ය නම් විය කෙටිකතා නවකතා පාඨක සිත් උමතු කෙරු ජිවිතයේ මුදල් පසුපස දුවන්නාවු  ලොවෙහි ජිවිත සංකිර්ණත්වය අඩු කරන්නා වු සාහිත්‍ය  නම් විය කෘති බහුල වු                   සම්මාන පිට සම්මාන රැසක් ලැබු               ආචාර්ය මහචාර්ය ලේඛකයන් බිහි වු              මිනිස් හදවත් ස්පර්ශ කරන්නා වු               සාහිත්‍ය නම් විය ගැඹුරු අර්ථ ගැන් වු. තාරු~~

නගරය

Image
    ගම්මානයේ සුව පහස නොමැතිව   නගරයකි මිනිසුන් බහුලව සිටින   නාගරික පරිසරයක් ඇති වු   තාදාසන්න පරිසරයක් නිමැවු  ගස් නොමැති පාරිසරික බිමක් හමුවු සිමෙන්ති රාජධානි ගොඩනැගි සැම තැන හමු වු මුදල් පසුපස දුවන මිනිසුන් හැම තැනම වු එනම් නාගරික පරිසරයකි මේ සියල්ල ගැබ් වු නාගරික ජිවිතය සංකිර්ණ ජිවිතයකි ග්‍රාමීය ජිවිතය සරල ජිවිතයකි තරගකාරි ලෝකයේ තරග පසු පස දුවනා නාගරික පරිසරය තුල මේ සියල්ල පවතිනා නගරයද අලංකාරවත්‍ ය වෙනස්ම පරිසරයකි ගම්මානයද සුන්දරය අලංකාරවත් පරිසරයකි ගම්මානය ස්වභාවිකත්වය ගැබ් ව තිබේ නගරය කෘතිමත්වය ගැබ් ව තිබේ නාගරික පරිසරය කෘතිම නිමැවුමකි.                       සුන්දර   පරිසරයකි. තාරු~~

පැරණි දිනපොත

Image
       පැරණි දිනපොත කිලිටි විලා ගෙදර තිබිලා                                    හමුවුනා මතක සැමරුම් වේයෝ කාලා කැලි නොමැතිව                              පැවතුනා  කැලි නොමැතිව තිබුනු දින පොතේ අකුරු                        සකසා බලනවා නමුත් කොහොමත් හදා ගන්නට නොහැකි බව                    නම් දැනෙනවා පැරණි දින පොත නැවත බල බල ලියපු කවි ගී                            සොයනවා කවිය පමණක් ඉතිරි වි ඇත පාළු මං පෙත්                           පෙනවා එකම මාවතේ ගමන් කල අය වෙන මාවත් වල                    ගමන් කරනවා එවැනි කවියක වැරදි හද හද නැවත නැවතත්                   ලියනවා. තාරු~~

ගුරු වෘත්තිය

Image
          අ යන්න ආ යන්න රවුම් කරන්න       කියා දුන් සිහින ලෝකවල එක්ක ගෙන ගිය      පාට කරපු හින වල ලස්සනට හීන අදින්න        කඩදාසිය අතට දි හීන පාට කරවපු       එය නම් ගුරු වෘත්තියම විය     වෙදදුරු විසින් වන වැරදි මහා පෝලොව වසා                                  ගනි    විනිසුරුවන් විසින් සිදු වන වැරදි සිරගෙදර                             වසා ගනි   නමුදු ගුරුවරුන්  විසින් වන්නා වු වැරදි මුළු                    ලොවම ප්‍රචලිත වේ සිහින මවන හීන හැබැ කරගන්න වෙරදරන        වෘත්තියක් වේ නම් එය ගුරු වෘත්තියයි             දරුවන්ගේ ලොව එලිය කරන            දරුවන්ට හොද මග කියා දෙන දක්ෂතා එලි දැක්විමට අවස්ථා ලැබෙන     වෘත්තියක් වේ නම් ඒ ගුරු වෘත්තියමය මගේ ජිවිතේ කවදාක හෝ හින දකින               එකම සිහිනයද මෙයය එනම්            ගුරු වෘත්තියයි. තාරු~~     

තිසා වැව

Image
            තිසා වැවේ සිසිල සෙවන පහස විදින     මිනිසුන් ඒ මේ අත යන සුන්දර පරිසරයකි                ඉර බැස යන සුන්දර මොහොතේ                 ගස් අරණක හෙවනක් ලග                තිසා වැවේ දසුන් දකින                ලස්සන දවසකි එදා. තාරු~~

දරු පෙම

Image
      දරු පෙම හිමි වු මවකට           දරුවන්‍ ය මෙලොව පලමු තිලිණය   දරු දුක හදුනන මිනිසුන්ට           හැකි වේද දරුවන් මුදලට විකිණිමට  දුප්පත් කම ප්‍රතිමුර්තිය වු ගැහැණියට   සෙනෙහස ,කරුණාව එකසේ දැනෙනා විට  සංසාරේ අසරණ  වු ගැහැණියට  දරුවන් විකුණුනේ  අසරණ වු කලට   පුර හදට පෙම් බදින හාවාට  හැකි වේද පුර හද නොමැතිව සිටිමට      දරුවන්ට පෙම් බදින මවක හැකි වේද දරුවන් නොමැතිව සිටිමට මුදලට විකිණෙන මල් සේ දරුවන් විකිණෙනා කලට දිලිදු බවේ සංකේතය වු  ගැහැණියට සිදු වේය දරුවන් නොමැතිව සිටිමට ආදරයේ දුක දන්නා මිනිසුන්ට  මවගේ දරු දුක හදුනන මිනිසුන්ට සැවොම මව්වරුන්ගේ පැතුම අයදින්නේමි දරුවන් සිල්ලර නොකරණ ලෙස.  තාරුකා~~

තරු නැති රෑ

Image
     හද නැති රෑ නිසසල වෙලා  දෝ    තරු නැති රෑ පාළුව ගලා  දෝ     සිත තුල මගේ තනිකම දැනේ දේ      හදවත අද කම්පා වෙලා දෝ                     තරු නැති රෑ අදුරේ ගිලෙන්නි                     ගම්මානය අද පාළුව වෙලාවි                     පිපෙනා මල් නොපිපි සිටිවි                    ආදරයේ අහිමිය තව දැනේ වි    ආදරය දරුණුද නොමෙරු හදවතට    ජිවිතය තුල තනි වු ඔහු හට     සිත හඩා වැටෙයි නිසැකවම     ආදරය යන්නාවු අකුරු හතරට. තාරුකා~~

පුර හද

Image
                                     මසකට දවසක් පමණක්  උරුම     එදිනට මුලු ගමටම සිරි බේදා දෙන                   ඈත එපිට දුර අහසේ තිබේන දෙවිවරු උවද වදිනෙමි පුර පෝ හදට       හද මනරම් පුර පෝයටය වටකුරු හද ප්‍රිය කරුය       අදුරු පාලු මකා ලන්නිය  පුර හද මනා මනරම්‍ ය                   ගම්මානය නැව්ම් සිරිය උතුරන්නි පන්සලේ ගන්ඨා නාදය පතුරන්නි                 සුවද දුම් ගම්මානයේ විහිදෙන්නේ පොය උදා වු බව හද පවසන්නේ.

මෑණියන්

Image
          දස මසක් කුස දරා දරුවන්  බිහි  කරපු   දරුවන් රජ කරන්නට  නිරතුරු වෙර දැරු   ගෙදර බුදුන් ලෙස මෙලෝවට පතිත වුණු   හරිමග පෙන්වන්න නිරතුරු වෙර දරපු     දුක සැප බේදා ගන්නා අයුරු   කියා  දුනු    දරුවන්ගේ ලෝකයේ පලමු ගුරුවරිය වුණු    සෙනෙහසේ උල්පතේ හිමිකාරියම වුණු      මිල කල නොහැකි වටිනා වස්තුවක් වුණු     මැණියනී නුඹ නම් මෙලෝව ඇත් රැජිනියම                              වුණි.      තාරු~~               

වීදි ගැහැණිය

Image
            විදි ගැහැණියකි ඇය දරුවන් දෙදෙනෙකුගේ දවසකින් දවසකට විදි සරණා ගැහැණිය         විදියේ සැම තැන ජිවිතය ගත කරන       ජිවිතයට පාප කදන් රැස් කරනා ගැහැණිය      පිරිමිනිගේ පාපයන්ට හවුල් වූ ගැහැණිය       කුඩා දරුවන් සමග තනි උවත් ගැහැණිය්       ඇයත් ගැහැණියකි ජිවිතය දිනන්ට  වෙර                                 දරන්නා වු .        තාරු~~

ජිවිතය කියා දුන් අප්පච්චි

Image
    ජිවිතය දුකක් බවට කියා නොදුන් අප්පච්චි   අව් වැසි දිවියට බරක් නොගත්      අප්පච්චි   ගතට වෙහෙස සිතට  නොගත්      අප්පච්චි   දරුවන්ගේ ජිවිතයේ මග පෙන්වු  අප්පච්ච්  ජිවිතයේ දුෂ්කරතා කියා නොදුන්    අප්පච්චි දුෂ්කරතා සියල්ලක්ම කරපිට ගත්  අප්පච්ච් හරි මන් කියා දි සිනා සිසි බලා සිටි   අප්පච්චි මතු බුදු වේවා දවසක මගේ ආදර    අප්පච්චි තාරු~~

වැසි දවසක්

Image
  අලුයමේ අලුයම් බවේ සුන්දරත්වය                    එදා මා හට නොපෙනුනේ      වැහි වලාකුළු වලින්  පිරුණු                    උදැසන අන්දකාරය නිසාය අන්දකාරය සමග සතර වටින් පැමිණි                      මහ මුරුග වරුසා සැඩ පරුෂ  වි සැඩ සුලන් හැමුවෙය දෙහොරාවක් ඇද හැලු මහ වරුසා                    නිමාවත් සමග  මාගේ හදවත දුක් සුසුම් මගින් පිරුනු         නිසොල්මන් ගංගාවක් මෙන් විය     එ මන්ද යත් වත්ත පහල රූස්ස ගස           මුදුනේ සිටි කුඩා කුරුලු  පැටව්න්        මහ පොලොව බදාගෙම                      යලි නොයන නින්දක් සිටි බැවිනි. තාරු~