දරු පෙම

 


    දරු පෙම හිමි වු මවකට

          දරුවන්‍ ය මෙලොව පලමු තිලිණය

  දරු දුක හදුනන මිනිසුන්ට

          හැකි වේද දරුවන් මුදලට විකිණිමට


 දුප්පත් කම ප්‍රතිමුර්තිය වු ගැහැණියට

 සෙනෙහස ,කරුණාව එකසේ දැනෙනා විට

 සංසාරේ අසරණ  වු ගැහැණියට 

දරුවන් විකුණුනේ  අසරණ වු කලට


  පුර හදට පෙම් බදින හාවාට

 හැකි වේද පුර හද නොමැතිව සිටිමට  

 දරුවන්ට පෙම් බදින මවක

හැකි වේද දරුවන් නොමැතිව සිටිමට



මුදලට විකිණෙන මල් සේ

දරුවන් විකිණෙනා කලට

දිලිදු බවේ සංකේතය වු  ගැහැණියට

සිදු වේය දරුවන් නොමැතිව සිටිමට


ආදරයේ දුක දන්නා මිනිසුන්ට 

මවගේ දරු දුක හදුනන මිනිසුන්ට

සැවොම මව්වරුන්ගේ පැතුම

අයදින්නේමි දරුවන් සිල්ලර නොකරණ ලෙස.


 තාරුකා~~


























Comments

Post a Comment

Popular posts from this blog

හීන පාට වු සරසවි සිහිනය

තිසා වැව